"අපි වවමු රට නගමු" වැඩසටහන පටන්ගත්තේ 2005 වර්ෂයේ සිටය. 2007 වර්ෂයේ පිටරටවලින් මෙරටට බීජ වර්ග ආනයනය කළ ප්‍රමාණය පහත දැක්වේ.
බීජ වර්ගය ආනයනික
ප්‍රමාණය
බී ලූණු 39500
මිරිස් 1065
කරවිල 1450
වැටකොලු 1900
බණ්ඩක්කා 1280
වට්ටක්කා 4900
බෝංචි දිග 1440
තක්කාලි 730
පිපිඤ්Æd 1950
බටු 260
බඩඉරිඟු 415000
කොමඩු 4490
පතෝල 50
බෝංචි 64800
මාළු මිරිස් 3500
කන්කුන් 50
මෙහි දක්වා ඇත්තේ කිලෝ වලිනි. මේ සියල්ල මේ රටේ හොඳින් වැවෙන බීජ නිපදවිය හැකි එළවළු වර්ගයන්ය. නමුත් යටකී සියලු බීජ ප්‍රමාණයන් ගෙන්වා ඇත්තේ පිටරට වලිනි. දේශීය ගොවිතැනේ තරම මෙයින් සිතාගත හැකිය. රට ආශ්චර්යයක් කරා ගෙන යනවා යෑයි කියන්නේ මේ රටේ වැවෙන බීජ ටිකටත් ලෝකයට අතපාන තත්ත්වයක් උදාවීමද?
මේ රට සංවර්ධනය කළ හැක්කේ කෘෂිකර්මය මගින් යෑයි පසුගියදා ජනාධිපතිවරයාද අවධාරණය කර තිබුණි. මේ කතාව සම්පූර්ණ ඇත්තක් බව ගොවි ජනතාවටත් පොදු ජනතාවටත් අවබෝධවී ඇත. නමුත් මෙය නොතේරෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව ප්රමුඛ ආණ්ඩුවේ බලධාරීන්ටය.
රජරට පුරා අක්කර ලක්ෂයක් පමණ හැම වසරකම බඩඉරිඟු වගා කරයි. රජරට පොළවේ ඉතාමත් සරුසාර ලෙස බඩින්ගුරු ගස වැවේ. නමුත් මේ බඩින්ගුරු වගාව කරගෙන යන්නට 2007 දී මෙරටට බඩින්ගුරු බීජ කිලෝ 415000 ක් ආනයනය කර ඇත. ඉන්පසු වර්ෂවලද මේ තත්ත්වය වැඩිවූවා මිස අඩුවන්නට හේතුවක් නැත.
බඩින්ගුරු බීජ නිෂ්පාදනය පටන්ගෙන කරගෙන ගියේ මහ ඉලුප්පල්ලම බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේය. මුලදී රුවන්, භද්‍රා, වැනි සාමාන්‍ය බඩඉඟුරු වර්ග නිෂ්පාදනය කළ අතර 2004 සිට "සම්පත්" නමින් දෙමුහුන් කරණයට පත්කළ බඩඉරිඟු ප්‍රභේදයක් නිෂ්පාදනය කරනු ලැබීය. මීට අමතරව පැණි බඩඉරිඟු ප්‍රොaටීන් බහුල බඩඉරිඟු, විළඳ බඩඉරිඟු, ආදී තවත් ප්‍රභේද කීපයක් මහ ඉලුප්පල්ලම දී අභිජනනය කරනු ලැබීය. මෙම බඩඉරිඟු බීජ නිෂ්පාදනය පුළුල්වී ආනයනික බඩඉරිඟු වලට අභියෝගයක් වෙද්දී මෙම බඩඉරිඟු බීජ නිෂ්පාදනය කළ බඩඉරිඟු බීජ නිෂ්පාදන විශේෂඥයා වෙනත් සේවා ස්ථානයකට මාරු කර යවනු ලැබීය. එවක් පටන් දේශීය බඩඉරිඟු බීජ නිෂ්පාදනය බිඳවැටිණ. සම්පූර්ණ බඩඉරිඟු බීජ ක්ෂේත්රයම ආනයනික බීජවලින් ආක්‍රමණය කරනු ලැබිණි. අපේ රටේ සරුවට හැදෙන බඩඉරිඟු ගස සිටුවා ගන්නට අපි පිටරටින් බීජ ආනයනය කරමු. ගමරාළ අලිවල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයේ ගියාක් මෙන් පිටරට බීජවල එල්ලී අපි ආශ්චර්යයට යැමට පෙරුම් පුරමු.
එම්. අයි. 01, එම්. අයි. 02 ආදී වශයෙන් මෙරටට ඇතිවන්නට මහ ඉලුප්පල්ලමින් පසුගිය කාලයේ මිරිස් බීජ නිපදවන ලදී. නමුත් අදවන විට "එම්. අයි." කතාවක් ඇත්තේම නැත.
2007 වර්ෂයේ මිරිස් බීජ කිලෝ 1065 ක් මෙරටට ගෙන්වා ඇත. මේ රටේ විශේෂයෙන් රජරට හොඳින් වැවෙන කරවිල බීජ කිලෝ 1450 ක්ද වැටකොළු බීජ කිලෝ 1900 ක්ද, බණ්ඩක්කා බීජ කිලෝ 1280 ක්ද, වට්ටක්කා බීජ කිලෝ 4900 ක්ද, 2007 දී පිටරටින් ආනයනය කර ඇත. මෙසේ පිටරට බීජ ආනයනය කර ඇත්තේ නිකම්ම නොවේ. කෘත්‍රිම නොවූ ස්වභාවික එළවළු වර්ග මුළුමණින් වඳකර ගෙනය. පෙරදා හැම ගොවි ගෙදරකම පැවති වට්ටක්කා, කරවිල, වැටකොලු වැනි දේශීය බීජවර්ග දැන් දකින්නට වත් නැත. අද ගොවියා ගොවිපොලට යන්නේ විදේශීය බීජ පැකට්ටුවත් විදේශීය පොහොර මල්ලත්, විදේශීය කෘමිනාශක බෝතලයත් කරේ තියාගෙනය. "අපි වවමු - රට නගමු" කරගෙන යන්නේ අනුන්ට අතපා ලබාගන්නා බීජවලිනි. කවර හේතුවක් නිසා හෝ ආනයනික බීජ නැතිවූදාට "අපි වවමු රට නගමු" කරගෙන යන්නේ කෙසේදැයි නොදනිමු. අපේකමත්, රටේකමත් අපේ හදවත්වලට කි¹ බහිනතුරු "සංවර්ධනය" යෑයි කියා පටන් ගන්නා හැම වැඩක්ම නිමවන්නේ අතේ පාඩුවටය.
බොහෝ කාලයක සිට රටට අවශ්‍ය බීජ වර්ග සපයා දුන්නේ මහඉලුප්පල්ලම බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙනි. මිරිස්, බණ්ඩක්කා, මුං ඇට, කව්පි, කුරහන්, බඩඉරිඟු, උඳු, තක්කාලි, වම්බටු මේ ආදී හැම බීජ වර්ගයක්ම එහිදී නිෂ්පාදනය කොට රටට බෙදා දෙන ලදී. අද ඒ සියල්ල ආගිය අතක් නැත.
බීජ වර්ග නිෂ්පාදනය කරන ලද පැල්වැහැර වැනි රජයේ ගොවිපොළවල් රැසක් විකුණා හෝ බදුදී ඇත. මුළු රටටම ඇතිවන්නට වී බීජ නිෂ්පාදනය කළ බතලගොඩ වී අභිජනන ස්ථානය අද නමට පමණක් පවතී. බීත්තර වී නිෂ්පාදනයත් ක්‍රමයෙන් බහුජාතික සමාගම් අතට පත්වෙමින් ඇත. බහුජාතික සමාගම් බිත්තර වී කිලෝව රුපියල් 80 ට 90 ට දැන් විකුණති. නමුත් බතලගොඩ, බෝඹුවල, මහඉලුක්පල්ලම, අම්බලන්තොට ද වැනි බිත්තර වී නිෂ්පාදන ආයතන ඇල්මැරුණු ගතියෙන් පවත්වාගෙන යති. මේ අන්දමට රජය සතුව පැවති බීජ නිෂ්පාදන ක්ෂේත්රය ක්‍රමයෙන් දියාරු වෙමින් බහුජාතික සමාගම් අතට පත්වෙමින් පවතී.
කෘෂිකර්ම අමාත්‍යංශය බදාගෙන සිටින ලේකම්වරු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරු තවත් එක එක මට්ටමේ කෘෂිකර්ම අධක්ෂවරු - පරියේෂණ නිලධාරීවරු මේ පරිහානියට මහජනයාට උත්තර බැඳිය යුතුය. මක් නිසාද? කෘෂිකර්මය බදාගත් මේ හැම දෙනාම මහජන මුදලින් නඩත්තු වන හෙයිනි.
සැබැවින්ම මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට රජයට වුවමනා නම් පළමුවෙන්ම කළ යුත්තේ කඩා වැටී ඇති බීජ ක්ෂේත්රය නගාසිටුවීමය. මේ රටේ වැවෙන සෑම එළවළුවකම හැම අතිරේක බෝගයකම බීජ නිෂ්පාදනය මේ රටේ සිදුවිය යුතුය. ඒ සඳහා වුවමනාවටත් වඩා සම්පත් දේශීය වශයෙන් පිරී තිබේ. විකුණා හෝ අනුන්ට බදුදී ඇති සියලුම රජයේ ගොවිපළවල් ආපසු රජයට පවරා ගත යුතුය. දැනට සිටින පර්යේෂණ නිලධාරීන්ගේ මදිපාඩුවක් වේනම් එවැනි අත්‍යවශ්‍ය තනතුරු සඳහා දේශීය වශයෙන් කෘෂිකර්ම විශේෂඥයන් බඳවා ගත යුතුය. මේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන මේ රටේ වැවෙන හැම වර්ගයකම බීජ මේ රටේම නිපදවීමේ ජාතික වැඩපිළිවළක් ආරම්භ කළ යුතුය.
මීට අමතරව පෞද්ගලික අංශයද මේ සඳහා සහභාගි කරවා ගැනීමට පුළුවන. අපේ රටේ බීජ නිෂ්පාදනයෙහිලා ශක්තිමත් පෞද්ගලික සංවිධාන තිබේ. එසේම ඔවුන්ට අවශ්‍ය තරමට පර්යේෂණාගාර හා වෙනත් පහසුකම්ද තිබේ. කෘෂි විද්‍යාඥයන් හා තාක්ෂණ ශිල්පීන් සිටිති. මේ නිසා මෙම පෞද්ගලික ආයතනවලට ද බීජ නිෂ්පාදනය සඳහා යම් කාර්යභාරයක් පැවරිය හැකිය. බොරුව, වංචාව මේ ක්ෂේත්රයෙන් ඉවත්කොට බීජවල ගුණාත්මය වර්ධනය කළ යුතුය. අපේ රටේ යෝග්‍ය බීජ නිෂ්පාදනය වේනම් තවදුරටත් පිටරට බීජ සොයා යායුතු නැත. පිටරටින් බීජ ආනයනය අඩුකරමින් දේශීය බීජ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිකළ යුතුය.
අපේ රටේ ප්‍රධාන වැවිලි බෝග තුනෙන් එකක් වූයේ පොල්ය. දීර්ඝ කාලයක සිට අපේ රටේ පොල් අපනයනය කරනු ලැබීය. අපේ රටේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මාර්ගයක් වූයේද පොල් අපනයනය කිරීමය. බොහෝ කාලයක සිට පොල් සංවර්ධන මණ්ඩලයක්ද අපේ රටේ පිහිටුවා ඇත. එහි විශේෂඥයන්, කළමනාකරුවන් අඩුවක් නැත. නමුත් අද සිදුවී ඇත්තේ කුමක්ද? පොල් පිටිරටින් ගෙන්වන තැනට වැඩ සිදුවීමය. මෙතෙක් කල් පොල් සංවර්ධන මණ්ඩලයේ මිනිසුන් පොල් ගෑවද? පොල් කෑවාද?
රාජ්‍ය තන්ත්රයේ බොහෝ තැන් මේ තත්ත්වයට පත් ව ඇත.
මේ රට අපේය. ජනතාව අපේය. මේ නිසා අපේකම ඉස්මතුවී එය මුලටම ගත යුතුය. අපේ කෘෂිකර්මයට වුවමනා සියලු බීජ අපේ රටේ නිපදවා ගත යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එහි නිලධාරීන් මෙම අභියෝගය බාරගන්නේ නම් එය මුළුමහත් රටේම කෘෂිකාර්මික සංවර්ධනයට හොඳම අත්තිවාරම වෙයි.
එප්පාවල - රත්න බී. ඒකනායක (දිවයින, 2011 ජනවාරි 17)
මොන්ලාර්
Sunday, January 16, 2011
හරිත විප්ලවයට වසර පනහක්: ගත වන මොහොතේ ශ්‍රී ලංකාවේ ගොවිතැන
හරිත විප්ලවයට අපගේ ගොවිතැන ගොදුරු කර මේ වසර වන විට වසර පනහක් සපිරෙමින් ඇත. වසර දෙදහස් පන්සියයක අප දන්නා ඉතිහාසය තුළ අපගේ රට පැවැතියේ කෘෂිකාර්මික රටක් ලෙසය. ඊට හේතුව නිවර්තන කලාපය තුළ පිහිටා තිබෙන රටවල තිබෙන ගුණාංග රැසක් මේ බිමේ දක්නට ලැබීමයි. වසරකට දෙවරක් කාල දෙකකදී දෙපසින් ලැබෙන මෝසම් වැස්සත්, අධික වූ ජෛව විවිධත්වයත් යොදා ගැනීම මගින් කළ ගොවිතැන් ක්‍රමයක් ගොඩ නැංවීමට අපේ මුතුන් මිත්තෝ සමත් වූහ. මේ ගොවිතැන් ක්රමයේ සුවිශේෂී බව නම් මේ පරිසරයේ ම මුල් ඇදගෙන එහිම ජීවත් වන ජීවියකු බවට පත්වීමය. නමුත් පසුගිය කාලය පුරා මෙරට ගොවිතැන දියුණු කිරීමට ලබාදුන් උපදෙස් සහ උපක්‍රම අපගේ ගොවිතැන අර්බුදයකට ඇද දමා ඇත. ඒ හැම උපදෙසක් ම සහ ක්‍රියාමාර්ගයක්ම හරහා අද වන විට මෙරට ගොවිතැන අවසන් හුස්ම හෙළීම කරා වේගයෙන් යොමුවෙමින් ඇත. අපි තේරුම් ගත යුතු මූලික කරුණ වන්නේ නිදහසින් පසු කාලය පුරා මෙරට පැවති සෑම රජයක් මගින් අපේ ගොවිතැන නැංවීම සඳහා ගෙන ඇත්තේ සහමුලින්ම වැරැදි ක්‍රියාමාර්ග බවයි. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩඒමට මං සොයන විට තේරුම් ගත යුත්තේ ඉක්මනින් ම මේ ක්‍රමවේදය වෙනස් කළ යුතු= බවයි.
මේ සඳහා කළ යුතු මුල්ම කරුණ වන්නේ වසර දහස් ගණනක් පැවැති අපේ "ගොවිතැන" , යුරෝපීය ආක්‍රමණයෙන් පසු "කෘෂිකර්මය" බවට පත්වූ ආකාරය තේරුම් ගැනීමයි. අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්මයේදී කෘත්‍රිම පොහොර හෝ කෘත්‍රිම රසායන භාවිත නොකළේය. එයට හේතුව අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්ම වහර පරිසර හිතකාමී එකක් වීමයි. ගොවි බිමේ පොහොර නිපදවීමේ ක්‍රියාවලිය සිදු වූයේ පස තුළය. පසේ ඇති තෙත් ස්වභාවය පස මතුපිටට වැටෙන සියලු මළ ද්‍රව්‍ය කොටස් ජීර්ණ කළ හැකි බැක්ටීරියා, දිලීර සහ ශුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන බවට පත්කර ඇත. ඒ නිසා එම ජීවීන් පස තුළ පොහොර නිපදවන යන්ත්‍රය බවට පත් වී තිබේ. මෙමගින් වගාවට අවශ්‍ය පොහොර පස තුළ නොමිලේ ම නිපදවනු ලැබීය. මෙය එක් ක්‍රියාවලියක් ලෙස නොව ක්‍රියාවලීන් මාලාවක් ලෙස පවත්වා ගැනීමට අපේ මුතුන් මිත්තෝ සමත් වූහ. ඒ නිසාම මෙරට ගොවිතැනේ, හේනට, කුඹුරට සහ ගෙවත්තට පිටතින් කෘත්‍රිම පොහොර ගෙනැවිත් දැමීමේ අවශ්‍යතාවන් පැනනැඟුණේ නැත. වසර දහස් ගණනක් තිස්සේ පැවැති අපේ මෙම ගොවි තාක්ෂණය පස නිසරු කිරීමකින් තොරව සහ බාහිර කෘත්‍රිම පොහොර යෙදවීමකින් තොරව පවත්වා ගත හැකි වීමයි. මේ නිසාම අපේ සාම්ප්‍රදායික ගොවියා සොබා දහමේ ක්‍රියාවලිය මත රැඳෙමින් තම ගොවිතැන් කටයුතු කළ අතර සොබා දහමෙන් පිටත කිසිවක් මත යෑපෙන්නේ නැතිව ස්වාධීනව තම ගොවිතැන කරගෙන ගියේය. පිරිතෙන් සාම්ප්‍රදායික ක්‍රම මගින් ගොවිතැන ආරක්ෂා කළ සම්ප්‍රදායික ගොවියා සැබෑ පරිසරවේදියකු ද විය.
හරිත විප්ලවය මත මේ තත්ත්වය වෙනස් වූයේ බහුජාතික සමාගම්වල සැලසුම් අනුව හරිත විප්ලවය හරහා අපට හඳුන්වාදී තිබෙන, වත්මන් කෘෂිකර්මය මගින්ය. එහිදී මුලින්ම සිදු කළේ අපේ බිමට ගැලපෙන වී ප්‍රභේද ඉවත් කර, වැඩි අස්වැන්නක් ගැන සිහින පෙන්වා දෙමින්, අයි. ආර්. 8 වැනි ආගන්තුක වී ප්‍රභේද හඳුන්වාදීමයි. එය මෙතෙක් මෙරට පැවැති පරිසරය සමග බැඳුණු ගොවිතැන වනසා දමා, ඒ වෙනුවට පරිසරයේ ස්වභාවය වෙනස් කරන ක්‍රමයක් වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙතෙක් පැවැති පරිසරය සමඟ බැඳුණු ගොවිතැන කෘත්‍රිම රසායන ද්‍රව්‍ය මත යෑපෙන දෙයක් බවට පරිවර්තනය කිරීමයි. අද පවතින මෙම ගොවිතැනේදී සිදුවන ප්‍රධාන විනාශයක් වන්නේ පස මගින් සිදු කරන ස්වාභාවික ක්‍රියාවලිය බිඳ දැමීමයි. මේ සඳහා යොදා ගන්නා මිථ්‍යා මතය වන්නේ රසායනික පොහොර යෙදීම මගින් වැඩි අස්වැන්නක් ලැබෙන බවත් එයින් ගොවීන්ගේ ආදායම ඉහළ යන බවත්ය. රසායනික පොහොර හඳුන්වා දුන් මුල් කාලයේ ඒවා නොමිලේ සහ ඉතා අඩු මුදලකට ලැබුණු විට මේ කරුණ සත්‍යයක් විය. පස මරා දැමීම නමුත් ටික කලක් යන විට ඒ නිසා සිදු වූයේ රසායනික පොහොර ක්‍රියාකාරීත්වය නිසා පස තුළ කාබනික ද්‍රව්‍ය ජීර්ණ කිරීමේ කාර්යයෙහි යෙදුණු බැක්ටීරියා, දිලීර සහ ශුද්‍ර ජීවීන්ට විය හැකි පරිසරය වෙනස් විය. මේ නිසා පස තුළ මොවුන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වී පසේ ස්වභාවික පොහොර නිපදවීමේ ක්‍රියාවලිය වේගයෙන් බිඳ වැටීම සිදු විය. මේ නිසා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් වැඩි වැඩියෙන් පොහොර යෙදීමට සිදුවූ අතර ඒ සමඟම පසේ ස්වාභාවික පොහොර නිපදවීමේ හැකියාව තවදුරටත් බිඳ වැටී, රසායනික පොහොර නොමැතිව වගාවන් කළ නොහැකි මළ පසක් බවට අපේ පස පත් කරවීය. ඒ සමගම කල් යල් බලා පොහොර මිලද ක්‍රමයෙන් ඉහළ නැංවීමට බහු ජාතික සමාගම් කටයුතු කළේය.
පලිsබෝධනාශක හරහා සිදුවූයේ ද මෙම කරුණමය. රසායනික පොහොර මත පමණක් වැඩීම නිසාත් එකම වර්ගයේ පෝෂණ කොටස් ශාකවලට ලැබීම නිසාත් ඇතැම් ලෙඩ රෝගවලට එම ශාක පහසුවෙන් ගොඳුරු විය. එලෙස දුර්වල වන ශාක තව තවත් පහසුවෙන්ම ලෙඩ රෝගවලට සහ පලිබෝධකයන්ට ගොදුරු වීම සිදු විය. ඒ නිසා අද මහ පරිමාණයෙන් පලිsබෝධනාශක යෙදීමෙන් තොරව ගොවිතැන් කිරීමට නොහැකිව තිබේ. ඒවායේ මිල ඉහළ යැමත් සමගම ගොවියාට සිදුව ඇත්තේ දැවැන්ත මුදලක් ගොවිතැන් කිරීම සඳහා යෙදවීමටය. අද වන විට ඵලදාව නිසා ලැබෙන ආදායම ගොවිතැනට යොදන මුදලට අඩුවන තරමටම කෘෂි රසායන සඳහා වියදම අධික වී ඇත. ඒ හේතුවෙන් මේ වන විට ගොවියා මෙන්ම මෙරට සමස්ත ගොවිතැන ද අද බහුජාතික සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇත. අවසානයේ පිරිවැය ප්රමාණයටවත් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිය පණ නසා ගැනීමට තරම් අසරණ තත්ත්වයකට අපේ ගොවීන් පත්ව ඇත.
ඇත්තේ ම අද මේ ගොවිතැන මගින් මෙරට ආහාර අවශ්‍යතාවන් සපුරා තිබේද? හරිත විප්ලවය මගින් හඳුන්වා දුන් ගොවිතැන අපේ පරිසරය සහ ගොවියාගේ ජීවන තත්ත්වය විනාශ කර දමා තිබේ. අනෙක් අතින් එමගින් ගොවිතැන දියුණු වී රට සංවර්ධනය කරා යැම වෙනුවට දැවැන්ත ලෙස ණය වූ රටක් මෙන්ම ණය නොමැතිව ගෙන යා නොහැකි පරාධීන රටක් බවට අද වන විට අප පත්වී තිබේ. අවසානයේ අද වී ඇතුළු සෑම වගාවකටම සම්පූර්ණයෙන්ම බහු ජාතික සමාගම් විසින් නිපදවන රසායනික පොහොර සහ පලිsබෝධනාශක මතම යෑපීමට සිදුවී තිබේ. වී ගොවිතැන සඳහා යෙදවීමට සිදුවන මුදල දිනෙන් දින ඉහළ යමින් පවතී. යොදන කෘෂි රසායන ප්‍රමාණය ඉහළ යනවිට ඊට සාපේක්ෂව අස්වැන්න ඉහළ යැම වෙනුවට දැන් සිදුවෙමින් ඇත්තේ ලැබෙන අස්වැන්න ප්‍රමාණය අඩු වෙමින් තිබීමයි. යොදන කෘෂි රසායනවල ප්‍රමාණය වැඩි අස්වැන්නක් නොලැබීම මෙන්ම ලැබෙන අඩු අස්වැන්න ද සාධාරණ ලාභයක් සහිතව අලෙවි කිරීමට නොහැකිවීමද අද පවතින අර්බුදයේ ප්‍රධාන ලක්ෂණයක්ය. අද පවතින ගොවිතැන මෙරට ගොවියා සහ රටේ ආහාර සුරක්ෂිතතාව කරා යැම වෙනුවට ගොවියා ගොවිතැනින් ඉවත් කර පිටරටින් ආහාර ගෙනඒමට සිදුවන තත්ත්වයට පත් කර ඇත.
එමෙන්ම අනුරාධපුර පොළොන්නරුව ඇතුළු සාම්ප්‍රදායික ගොවිබිම්වල ජනතාව කෘෂි රසායන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින වකුගඩු, පිළිකා වැනි රෝග තත්ත්වයන්ට පත්වෙමින් ඇත. දේශයට බත සැපයූ ගොවියා මර ඇඳට වැටී හඬන මොහොතක මිය ගිය සාම්ප්‍රදායික ගොවිතැනට පණ දීමේ කාර්යභාරය දැන්වත් ආරම්භ කළ යුතුය.
මේ අනුව අද ගොවියා සහ රටේ ගොවිතැන රට නංවාලන වැඩපිළිවෙළක් වෙනුවට බහු ජාතික සමාගම්වල පැවැත්ම වෙනුවෙන් සැකසුණු උගුලක් බවට අපගේ ගොවිතැන පත්ව තිබේ. ඒ නිසා ගොවිතැන මත රට සංවර්ධනය වීම වෙනුවට අපි තව තවත් ලෝකයට ණය වෙන ජාතියක් බවට පත්ව ඇත. අවසානයේ මේ උගුලට අප යොමු කළ විදේශීය උපදේශකයන් අපට දැන් කියන්නේ මෙරට වී ගොවිතැන ලාභදායක නොවන බවත් ඒ නිසා වී ගොවිතැන අත්හැර දමා පිටරටින් සහල් අඩු මිලට ගෙනැවිත් ආහාරයට ගන්නා ලෙසත්ය. අනෙක් අතින් වගාව දියුණු කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ගොවියාට ගෙනැවිත් දුන් කෘෂි රසායන පානය කර මියයැමට අද ගොවියාට මේ ගොවිතැනේ ප්‍රතිඵල නිසා සිදුව ඇත. ඒ අනුව පැහැදිලිවම අප විදේශ උපදෙස් මත මෙතෙක් කල් කළ කෘෂිකර්මය වෙනුවට නැවත වරක් මේ පොළවට ගැලපෙන ගොවිතැනක් කරා යැමට සිදුව ඇත. මෙරට ගොවිතැන ගැන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මේ උගුලෙන් ගොවියාත් රටත් බේරා ගැනීම සඳහාය. ජාතික ප්රතිපත්තියක දැක්ම ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේදී මුලින්ම සාකච්ඡාවට ගත යුතු වන්නේ අප සැකසිය යුත්තේ ජාතික ගොවිතැන් ප්‍රතිපත්තියක් යන්න වගයි. නැති නම් එයද යළිත් වරක් බහු ජාතික සමාගම් පොහොසත් කරන ආර්ථික ඝාතකයන්ගේ මර උගුලක් බවට පත්වීමට ඉඩ ඇත.
හරිත විප්ලවය උරුම කර දුන් වහල් කෘෂිකර්මය හිස මත තබාගත පිටරටට ආවඩන ක්‍රමවේදයක් තුළ අද වන විට අපගේ ගොවිබිම් අක්කර දහස් ගණනින් විදේශ සමාගම් සතු කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. කෘෂි අධිරාජ්‍ය වාදයට අමු අමුවේ යටවෙමින් වෙල්ලස්සේ හා රජරට ගොවිබිම් දහස් ගණනින් මෙලෙස විදේශ සමාගම් වෙත දැනටමත් පවරා දී තිබේ.
හරිත විප්ලවය නමැති මර උගුල අපට පටවා වසර පනහක් ගත වෙන මේ මොහොතේද අපගේ සාම්ප්‍රදායික ගොවිතැන පණ අදිමින් මෙන් තැනින් තැන ඉලිප්පෙමින් යටවෙමින් පවතී. එවන් මොහොතක අපට වී තිබෙන වින්නැහිය තේරුම් ගෙන මේ උගුලෙන් බේරී, අපේ ගොවියා මෙන්ම මෙරට සැබෑ ආර්ථික සංවර්ධනයක් කරා යැමේ ප්‍රධාන බලවේගය බවට ගොවිතැන පත් කිරීමේ හැකියාව අප සතුව ඇත. නමුත් පවත්නා මෙම ක්රමයේ වෙනසක් නොකර ඒ ගමන යා නොහැකි බවත් පැහැදිලිය. මේ සඳහා අප මෙන්ම, මේ උගුලේ සිරවී සිට අද ඉතා සාර්ථක ලෙස ඒ උගුලෙන් ගැලවෙමින් සිටින මැලේසියාව, ඉන්දුනීසියාව, කොරියාව මෙන්ම ඉන්දියාව වැනි රටවල අනුගමනය කරන ක්‍රියාමාර්ග අද අප යායුතු මඟ පිළිබඳ හොඳ මඟ පෙන්වීමක් වී ඇත. ඒ නිසා අපේ සැබෑ සංවර්ධන මාවත විවර කිරීමට නම් අපේ සම්පත් භාවිත කරමින් අපේ අවශ්‍යතා ඉටු කරන මෙන්ම ස්වාධීන වූ සහ නිවහල් ගොවි ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. නැතිනම් අද පවතින ගොවි තැන ඔස්සේ යා හැක්කේ පරිසරය සහ ගොවියා වනසා දමා, ගොවි බිම් බහුජාතික සමාගම්වලට හිමිකර දී ගොවියා ඒ සමාගම්වල කම්කරුවෙක් කරන අවසානයක් කරාය. එනම් නව යටත් විජිතවාදී සැලසුම සාර්ථක කර දෙන අවසානයක් වෙතටය.
රවීන්ද්‍ර කාරියවසම් (දිවයින, 2011 ජනවාරි 01)

Subscribe to:
Posts (Atom)